පුංචි කතාවක්..
පරිවර්තනයකි.
===============================
එක්තරා ගොවියෙකුට අතිශයින් රූමත් දියනියක් සිටියාය. කඩවසම් තරුණයෙක් ඇය කෙරෙහි පෙමින් වෙලී සිටියේය . දිනක් ඔහු මේ බව ගොවියාට කියන්නට ගියේය. ගොවියා ඔහු දෙස බලා, මෙසේ පැවසීය.."පුතා, මේ කුඹුරෙන් එලියට යන්න. මම ගොනුන් තුන්දෙනෙක්ව නිදහස් කරනවා. ඔබට උන් තුන්දෙනාගෙන් එකෙකුගේ හරි වලිගය අල්ලා ගැනීමට හැකි උනොත් , මාගේ දියණිය විවාහ කර ගත හැකියි. "
තරුණයා පළමු ගොනා එනතුරු බලා සිටියේය. ශාලාවේ දොර විවෘත විය, ඒත් සමගම ඔහු එතෙක් දැක ඇති විශාලතම ගවයා ශාලාවෙන් පිටතට දුව ආවේය.
එයින් බියට පත් ඔහු එම ගවයා අතහැර ඊලග ගවයා එනතෙක් බලාසිටියේය. නැවත දොරටුව විවෘත විය.
ඔහුට අදහාගත නොහැකිවිය. මේ ගවයා පෙරටත් වඩා විශාල මෙන්ම දරුණු එකෙකු විය. ඔහු තවත් බියට පත්විය, ගවයා නොපෙනී යනතෙක් බිම වැතිර සිටියේය. ඔහු ලද අවස්ථා තුනෙන් දෙකක්ම ගිලිහී ගියේය. මේ ඔහුගේ අවසාන අවස්ථාවයි. කෙසේ හෝ තුන්වන එනම් අවසාන ගවයාගේ වල්ගය අල්ලාගැනීමට ඔහු සිතුවේය.
ඔහු ගවයා එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. දොරටුව තෙවන වරටත් විවෘත විය. ඔහුට සිනහ පහළ විය. මෙවර පැමිණියේ ඔහු මෙතෙක් දැක ඇති දුර්වලම ගවයායි. ඔහු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතුවේය. ගවයා ධාවනය වන්නට විය, ඔහු නිවැරදිව ඉලක්කය ස්ථානගත කළේය. නිවැරදි වේලාවට ක්‍රිරියාත්මක වූවේය. ඔහු ගවයාව අල්ලාගත්තේය ... එහෙත් ඒ ගවයාට වලිගයක් තිබුණේ නැත!
සටහන-
අපිට ජීවිතයේ බොහෝ අවස්ථාවන්ට මුහුණදීමට සිදුවේවි. සමහරෙක් පහසුවෙන්ම වාසි ලබාහන්නා අතර තවත් අයෙකුට එය තරමක් අපහසු වේවි . නමුත් අපිට එක් අවස්ථාවක් ලැබුණු පසු (වඩා හොඳ යමක් බලාපොරොත්තුවෙන් සිටින විට), එම අවස්ථාව නැවත කිසිදාක ලගාකරගත නොහැකි වීය හැකියි. ඉතින් හැම විටම මුල් අවස්ථාවම ඔයාගෙ කරගන්න උත්සාහ කරන්න.
සුපුන් ලක්ප්‍රිය..
සුභ දවසක්.

No comments:
Post a Comment