
දිනක් මම සහ මාගේ පෙම්වතිය අතර ඇතිවූ සංවාදයක් මෙසේ ඉදිරිපත් කරමි.
ඇය: "අද මං හුඟක් සතුටු වුණා. ඔයාට ගොඩක් ස්තූතියි."
මම: "ඒක සුළු දෙයක්නේ"
ඇය: "මට ඔයාගෙන් අහන්න දේවල් ටිකක් තියෙනව. අහන්නද?"
මම: "ඔව්, අහන්න."
ඇය: "ඔයා මට ඇත්තම කියන්න.."
"දවසකට එක වතාවක් හරි ඔයාට මාව මතක් වෙනවද?"
මම:" නෑ."
ඇය: "ඔයා මට කැමතියිද?"
මම:" නෑ."
ඇය: "ඔයාට මාව ඕනෙද?"
මම: "නෑ."
ඇය: "මං ඔයාව අතහැරල ගියොත් ඔයා අඬනවද?"
මම: "නෑ."
ඇය: "ඔයා ජීවත් වෙන්නෙ මං වෙනුවෙන්ද?"
මම: "නෑ."
ඇය: "ඔයා මං වෙනුවෙන් මොනවම හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද?"
මම: "නෑ."
ඇය: "දවසක ඔයාට තෝරාගැනීමක් කරන්න ආවොත්.. මගේ ජීවිතයද, නැත්නම්.. ඔයාගෙ ජීවිතයද කියල.. ඔයා මොකක්ද තෝරගන්නේ?"
මම: "මගේ ජීවිතය."
බොහෝ සෙයින් කනස්සල්ලට පත් මාගේ පෙම්වතිය හිඳගෙන වුන් තැනින් නැගිට ඉවතට ගියාය.
රත් පැහැ ගැන්වුණු ඇගේ කම්මුල් කඳුලු ධාරා සිපගනිද්දී මා ළයෙහි දොරඟුලු විවර විණි. වේගයෙන් ඈ වෙත දිව ගිය මා ඇය
මගේ කකියන හඳවතෙහි උණුහුමට තුරුළු කරගත්තෙමි.
" දවසකට වතාවක්වත් මට උඹව මතක් වෙන් නෑ තමයි.. ඒ මගෙ හැම මතකයක්ම උඹ විතරක්ම හින්ඳ.
මං උඹට කැමති නෑ තමයි.. මොකඳ, මටත් වඩා මං උඹට ආදරේ හින්ඳ.
මට උඹව අවශ්‍යය නැහැ.. මොකඳ, හැමදාමත් මට උඹව මගේ බිරිඳ, පතිනිය විධියට විතරක්ම වුවමනා හින්ඳ.
උඹ දවසක මාව අතහැරල ගියොත්.. මට අඬන්න තරම් වෙලාවක්වත් ඉතුරුවෙන එකක් නැහැ. දුක උහුලගන්න බැරිව මමත් මැරිල යන හින්ඳ.
මට උඹ වෙනුවෙන් ජීවත් වෙන්න නම් බැහැ බැහැ.. එහෙම උනොත්, දවසක මට උඹ වෙනුවෙන් මැරෙන්න බැරිවෙන හින්ඳ.
මං උඹ වෙනුවෙන් කියල කරන්න කිසිම දෙයක් හිතාගෙනත් නැහැ.. මොකඳ, මං හැමදේම කරන්නෙ උඹ වෙනුවෙන් හින්ඳ.
මං මගේ ජීවිතය තෝරාගන්න හේතුව තමයි.. උඹ මගේ ජීවිතය හින්ඳ."
ඉන් පසු අද වෙන තුරුත් ඇය මාගෙන් එවැනි යමක් විමසුවේ නැත.
සැ.යු. : මෙය සිතෙහි ඇඳි සළරුවක් පමණි. ඉසුරුමුණියෙහි පෙම් යුවළ කෙතරම් භාවාත්මක නිමයුමක් වුවද එහි නිර්මාපකයා
තවමත් තනිකඩ බව කවියා පවසන්නේය. මාද තවමත් තනිකඩයෙකි.
ඔබේ අදහස ලියාගෙන යන්න.
සුබ දවසක්.
No comments:
Post a Comment