Tuesday, April 14, 2020

ආත්ම විශ්වාසය ..

#කෙටිකතාවක්.

එක්තරා ව්‍යාපාරිකයෙක් සිටියේය.ඔහු  දැඩි සේ ණය බරින් පෙලෙන්නට විය. නමුත්, ඉන් මිදීමට මගක් ඔහුට සිතාගැනීමට නොහැකි විය. 

ණය හිමියන් හා සැපයුම්කරුවන් තම මුදල් ගෙවන ලෙස ඔහුට දිගින් දිගටම ඇවිටිලි කළේය. ඔහු උද්‍යානයට ගියේය. එහි වූ බංකුවක් මත අසුන් ගත්තේය. 

"මගේ ව්‍යාපාරය රැකගැනීමට කළ හැක්කේ කුමක්ද..?"  ඔහු ගැඹුරින්ම සිතන්නට විය.

එකපාරටම වයසක මිනිසෙක් ඔහු ඉදිරියේ පෙනී සිටියේය. 

"ඔබ බරපතල ගැටලුවකින් වගෙයි මට පේන්නේ ." මහල්ලා කීවේය.

ඔහු පිළිතුරක් ලැබෙනතෙක් ඉවසීමෙන් බලා සිටියේය. නමුත් ව්‍යාපාරිකයා නිහඩවම සිටියේය..

"මං හිතන්නේ.. මට ඔබට උපකාර කළ හැකියි" වයසක මිනිසා කියන්නට විය.

ඔහු ව්‍යාපාරිකයාගෙන් නම විමසුවේය, චෙක්පතක් ලියා එය ව්‍යාපාරිකයාගේ අතෙහි තබා මෙසේ පැවසීය. 

"මේ මුදල් ගන්න, හරියටම තවත් අවුරුද්දකින් නැවත මෙතනට එන්න... එවිට ඔබට මාගේ මුදල් ආපසු ගෙවිය හැකියි" යනුවෙනි.

ආ ලෙසම ඔහු අතුරුදන්වී ගියේය.

ව්‍යාපාරිකයා පුදුමයට පත්විය. ඩොලර් පන්ලක්ෂයක චෙක්පතක් ඔහුගේ අතෙහි තිබුණේය ... වරක් ලොව ධනවත්ම පුද්ගලයා වූ වොරන් බෆට්ගේ අත්සනද එහි විය .
"දැන් මගේ ප්‍රශ්න සියල්ලක්ම විසදාගත හැකියි" ඔහු සිතන්නට විය.

එහෙත්, ඔහු එම චෙක්පත මුදල් කළේ නැත. ඔහු එය පරිස්සමට තමා ළගින්ම තබාගත්තේය. එමගින් ඔහුට තම ව්‍යාපාරය රැකගැනීමට විශාල ශක්තියක් ලැබෙන බව ඔහු විශ්වාස කළේය, එය හදිසි  අවස්ථාවකදී පමණක් භාවිතයට ගැනීමට ඔහු තීරණය කළේය.

ඔහු අලුත්ම විධියට සිතීමට පටන්ගත්තේය. වඩා හොද ගැණුම්කරුවන් සමග සාකච්ඡා කළේය. අලුත් ව්‍යාපාර සැලසුම් නිර්මාණය කළේය. වඩාත් හොද උද්යෝගයකින් ක්‍රියා කළේය. කෙටි කාලයකදීම, විශාල ආයෝජන කිහිපයක් ලබාගන්නට ඔහු සමත් විය.
මාස කීහිපයක් ඇතුළත ඔහු තම ණය බරින් නිදහස් විය. නැවත මුදල් ඉපයීම ආරම්භකර තිබුණේය. හරියටම වසරකට පසු ඔහු මුදල් නොකළ චෙක්පතද සමඟ උද්යානයට ගියේය.

පොරොන්දුවූ පරිදි, මහල්ලාද එහි පැමිණ සිටියේය.

ව්‍යාපාරිකයා චෙක්පත මහල්ලා අත තබමින් ඔහුට ස්තූති කළේය. ඔහු තම සාර්ථකත්වයේ කතාව මහල්ලාට කියන්නට සූදානම්වූවා පමණි, හෙදියක් දුවවිත් මහලු මිනිසාව අල්ලා ගත්තාය.

"ඔහු අල්ලාගැනීමට ලැබීම ගැන සතුටුයි" ඇය කීවාය. 
"ඔහුගෙන් ඔබට කරදරයක් නොවෙන්නට ඇතියි කියල හිතනවා, ඔහු හැමවිටම මානසික රෝහලෙන් පැන එනවා. ඇවිත්, තමා වොරන් බෆට් බව මිනිසුන්ට පවසනවා" යැයි ඇය කීවාය.

පුදුමයට පත් ව්‍යාපාරිකයා එතැනම නිසොල්මන් විය. ඔහු ගල් ගැසී ගියාක් මෙණි!
වසරක් පුරාවට ඔහු සිතා සිටියේ ඩොලර් මිලියන භාගයක් තමා සතුව තිබුණු බවයි ...

සටහන:
ජීවිතයේ සාර්ථකත්ව රදාපවතින්නේ මුදල්, සත්‍ය හෝ සිහින මත නොවෙයි.
අපට අවශ්‍ය ඕනෑම දෙයක් මෙන්ම අපට අවශ්‍යය සියල්ල ලබා ගැනීමට බලය ලබා දෙන ආත්ම විශ්වාසය මතයි.

කතාව හොදයි නම්  ලයික්  එකක්  කොමෙන්ට් එකක් දාන්න.
තවත් කෙනෙකුට කියවීමට ෂෙයා කරන්න.

සුභ දවසක්.

No comments:

Post a Comment

දිනක් මම සහ මාගේ පෙම්වතිය අතර ඇතිවූ සංවාදයක් මෙසේ ඉදිරිපත් කරමි. ඇය: "අද මං හුඟක් සතුටු වුණා. ඔයාට ගොඩක් ස්තූතියි." මම: ...