Thursday, April 30, 2020



දිනක් මම සහ මාගේ පෙම්වතිය අතර ඇතිවූ සංවාදයක් මෙසේ ඉදිරිපත් කරමි.

ඇය: "අද මං හුඟක් සතුටු වුණා. ඔයාට ගොඩක් ස්තූතියි."

මම: "ඒක සුළු දෙයක්නේ"

ඇය: "මට ඔයාගෙන් අහන්න දේවල් ටිකක් තියෙනව. අහන්නද?"

මම: "ඔව්, අහන්න."

ඇය: "ඔයා මට ඇත්තම කියන්න.."
        "දවසකට එක වතාවක් හරි ඔයාට මාව මතක් වෙනවද?"

මම:" නෑ."

ඇය: "ඔයා මට කැමතියිද?"

මම:" නෑ."

ඇය: "ඔයාට මාව ඕනෙද?"

මම: "නෑ."

ඇය: "මං ඔයාව අතහැරල ගියොත් ඔයා අඬනවද?"

මම: "නෑ."

ඇය: "ඔයා ජීවත් වෙන්නෙ මං වෙනුවෙන්ද?"

මම: "නෑ."

ඇය: "ඔයා මං වෙනුවෙන් මොනවම හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද?"

මම: "නෑ."

ඇය: "දවසක ඔයාට තෝරාගැනීමක් කරන්න ආවොත්.. මගේ ජීවිතයද, නැත්නම්.. ඔයාගෙ ජීවිතයද කියල.. ඔයා මොකක්ද තෝරගන්නේ?"

මම: "මගේ ජීවිතය."

බොහෝ සෙයින් කනස්සල්ලට පත් මාගේ පෙම්වතිය හිඳගෙන වුන් තැනින් නැගිට ඉවතට ගියාය.
රත් පැහැ ගැන්වුණු ඇගේ කම්මුල් කඳුලු ධාරා සිපගනිද්දී  මා ළයෙහි දොරඟුලු විවර විණි. වේගයෙන් ඈ වෙත දිව ගිය මා ඇය
මගේ කකියන හඳවතෙහි උණුහුමට තුරුළු කරගත්තෙමි.

" දවසකට වතාවක්වත් මට උඹව මතක් වෙන් නෑ තමයි.. ඒ මගෙ හැම මතකයක්ම උඹ විතරක්ම හින්ඳ.
මං උඹට කැමති නෑ තමයි.. මොකඳ, මටත් වඩා මං උඹට ආදරේ හින්ඳ.
මට උඹව අවශ්‍යය නැහැ.. මොකඳ, හැමදාමත් මට උඹව මගේ බිරිඳ, පතිනිය විධියට විතරක්ම වුවමනා හින්ඳ.
උඹ දවසක මාව අතහැරල ගියොත්.. මට අඬන්න තරම් වෙලාවක්වත් ඉතුරුවෙන එකක් නැහැ. දුක උහුලගන්න බැරිව මමත් මැරිල යන හින්ඳ.
මට උඹ වෙනුවෙන් ජීවත් වෙන්න නම් බැහැ බැහැ.. එහෙම උනොත්, දවසක මට උඹ වෙනුවෙන් මැරෙන්න බැරිවෙන හින්ඳ.
මං උඹ වෙනුවෙන් කියල කරන්න කිසිම දෙයක් හිතාගෙනත් නැහැ.. මොකඳ, මං හැමදේම කරන්නෙ උඹ වෙනුවෙන් හින්ඳ.
මං මගේ ජීවිතය තෝරාගන්න හේතුව තමයි.. උඹ මගේ ජීවිතය හින්ඳ."

ඉන් පසු අද වෙන තුරුත් ඇය මාගෙන් එවැනි යමක් විමසුවේ නැත.

සැ.යු. : මෙය සිතෙහි ඇඳි සළරුවක් පමණි. ඉසුරුමුණියෙහි පෙම් යුවළ කෙතරම් භාවාත්මක නිමයුමක් වුවද එහි නිර්මාපකයා
         තවමත් තනිකඩ බව කවියා පවසන්නේය. මාද තවමත් තනිකඩයෙකි.


ඔබේ අදහස ලියාගෙන යන්න.
සුබ දවසක්.

Tuesday, April 14, 2020

ආත්ම විශ්වාසය ..

#කෙටිකතාවක්.

එක්තරා ව්‍යාපාරිකයෙක් සිටියේය.ඔහු  දැඩි සේ ණය බරින් පෙලෙන්නට විය. නමුත්, ඉන් මිදීමට මගක් ඔහුට සිතාගැනීමට නොහැකි විය. 

ණය හිමියන් හා සැපයුම්කරුවන් තම මුදල් ගෙවන ලෙස ඔහුට දිගින් දිගටම ඇවිටිලි කළේය. ඔහු උද්‍යානයට ගියේය. එහි වූ බංකුවක් මත අසුන් ගත්තේය. 

"මගේ ව්‍යාපාරය රැකගැනීමට කළ හැක්කේ කුමක්ද..?"  ඔහු ගැඹුරින්ම සිතන්නට විය.

එකපාරටම වයසක මිනිසෙක් ඔහු ඉදිරියේ පෙනී සිටියේය. 

"ඔබ බරපතල ගැටලුවකින් වගෙයි මට පේන්නේ ." මහල්ලා කීවේය.

ඔහු පිළිතුරක් ලැබෙනතෙක් ඉවසීමෙන් බලා සිටියේය. නමුත් ව්‍යාපාරිකයා නිහඩවම සිටියේය..

"මං හිතන්නේ.. මට ඔබට උපකාර කළ හැකියි" වයසක මිනිසා කියන්නට විය.

ඔහු ව්‍යාපාරිකයාගෙන් නම විමසුවේය, චෙක්පතක් ලියා එය ව්‍යාපාරිකයාගේ අතෙහි තබා මෙසේ පැවසීය. 

"මේ මුදල් ගන්න, හරියටම තවත් අවුරුද්දකින් නැවත මෙතනට එන්න... එවිට ඔබට මාගේ මුදල් ආපසු ගෙවිය හැකියි" යනුවෙනි.

ආ ලෙසම ඔහු අතුරුදන්වී ගියේය.

ව්‍යාපාරිකයා පුදුමයට පත්විය. ඩොලර් පන්ලක්ෂයක චෙක්පතක් ඔහුගේ අතෙහි තිබුණේය ... වරක් ලොව ධනවත්ම පුද්ගලයා වූ වොරන් බෆට්ගේ අත්සනද එහි විය .
"දැන් මගේ ප්‍රශ්න සියල්ලක්ම විසදාගත හැකියි" ඔහු සිතන්නට විය.

එහෙත්, ඔහු එම චෙක්පත මුදල් කළේ නැත. ඔහු එය පරිස්සමට තමා ළගින්ම තබාගත්තේය. එමගින් ඔහුට තම ව්‍යාපාරය රැකගැනීමට විශාල ශක්තියක් ලැබෙන බව ඔහු විශ්වාස කළේය, එය හදිසි  අවස්ථාවකදී පමණක් භාවිතයට ගැනීමට ඔහු තීරණය කළේය.

ඔහු අලුත්ම විධියට සිතීමට පටන්ගත්තේය. වඩා හොද ගැණුම්කරුවන් සමග සාකච්ඡා කළේය. අලුත් ව්‍යාපාර සැලසුම් නිර්මාණය කළේය. වඩාත් හොද උද්යෝගයකින් ක්‍රියා කළේය. කෙටි කාලයකදීම, විශාල ආයෝජන කිහිපයක් ලබාගන්නට ඔහු සමත් විය.
මාස කීහිපයක් ඇතුළත ඔහු තම ණය බරින් නිදහස් විය. නැවත මුදල් ඉපයීම ආරම්භකර තිබුණේය. හරියටම වසරකට පසු ඔහු මුදල් නොකළ චෙක්පතද සමඟ උද්යානයට ගියේය.

පොරොන්දුවූ පරිදි, මහල්ලාද එහි පැමිණ සිටියේය.

ව්‍යාපාරිකයා චෙක්පත මහල්ලා අත තබමින් ඔහුට ස්තූති කළේය. ඔහු තම සාර්ථකත්වයේ කතාව මහල්ලාට කියන්නට සූදානම්වූවා පමණි, හෙදියක් දුවවිත් මහලු මිනිසාව අල්ලා ගත්තාය.

"ඔහු අල්ලාගැනීමට ලැබීම ගැන සතුටුයි" ඇය කීවාය. 
"ඔහුගෙන් ඔබට කරදරයක් නොවෙන්නට ඇතියි කියල හිතනවා, ඔහු හැමවිටම මානසික රෝහලෙන් පැන එනවා. ඇවිත්, තමා වොරන් බෆට් බව මිනිසුන්ට පවසනවා" යැයි ඇය කීවාය.

පුදුමයට පත් ව්‍යාපාරිකයා එතැනම නිසොල්මන් විය. ඔහු ගල් ගැසී ගියාක් මෙණි!
වසරක් පුරාවට ඔහු සිතා සිටියේ ඩොලර් මිලියන භාගයක් තමා සතුව තිබුණු බවයි ...

සටහන:
ජීවිතයේ සාර්ථකත්ව රදාපවතින්නේ මුදල්, සත්‍ය හෝ සිහින මත නොවෙයි.
අපට අවශ්‍ය ඕනෑම දෙයක් මෙන්ම අපට අවශ්‍යය සියල්ල ලබා ගැනීමට බලය ලබා දෙන ආත්ම විශ්වාසය මතයි.

කතාව හොදයි නම්  ලයික්  එකක්  කොමෙන්ට් එකක් දාන්න.
තවත් කෙනෙකුට කියවීමට ෂෙයා කරන්න.

සුභ දවසක්.

කෙටි කතාවකි..
💗💗💗💗💗💗💗💗💗💗

පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙකු සිටියේය. ඔවුන් වසර ගණනාවක් තිස්සේ හොඳම මිතුරන් විය. පැය ගණනාවක් දුරකතනයෙන් එකිනෙකා හා කතා කළේය. සෑම දිනකම පාහේ එකිනෙකා අතර කෙටි පණිවිඩ හුවමාරු කරගත්තේය. ඔවුන් මුණගැසුනු විටත්, කිසිවිටෙක හිත් අමනාපයක් ඇති නොවීය.

නමුත් එක් දිනක්, දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට පිරිමි ළමයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොවීය. ගැහැණු ළමයා එයින් දුකට පත් වූවාය. ඇයට රාත්‍රීය පුරාවට නින්දක් නොවීය. ඇය කාමරය තුළට වී හඩමින් කල් ගෙවුවාය.

"ඇත්තටම.. ඔහු තවමත් මා තේරුම් ගෙන නැතිද?" 
ඇය සිතන්නට විය.

පසුදා උදෑසන, ඇය දුරකථනය නාදවෙන හඬින් අවඳි වූවාය. ඇමතුම ලැබී තිබුණේ පිරිමි ළමයාගෙනි..

පිරිමි ළමයා: හායි..
ගැහැණු ළමයා: ඔයා කතාකරපු එක කොයිතරම් නම් සතුටක්ද.. ඊයේ දවසම මොකෝ වුණේ?
පිරිමි ළමයා: මම වැඩ ගොඩක හිරවෙලා හිටියේ. [ඔහුගේ හඩෙහි යම් වෙනසක් ඇති බව හැඟුණත්, ඇය ඒ ගැන විමසීමට ගියේ නැත.]

[ඇය කිසිවක් නොකියා නිහඩවම සිටියාය. පිරිමි ළමයා යළිත් ඇය අමතා කතා කළේය.]

පිරිමි ළමයා: ඔයාට මේ දේ කොහොම කියන්නද කියලා මට හිතාගන්නවත් බැහැ. ඒත්, අපි ආයේ කතා නොකර ඉමු!
ගැහැණු ළමයා: මොකක්.., ඒත්.. එකපාරටම ඇයි එහෙම?
පිරිමි ළමයා: මට සමාවෙන්න, බායි..!

[ඔහු ඇමතුම විසන්ධි කළේය., තමා වෙත හෙලූ කම්මුල් පහරක් සේ ඇයට එය දැනෙන්නට විය]

ඇගේ මනස අතිශයින් ව්‍යාකූල බවක් ගන්නට විය. 
(ඇය හුදෙකලාවේ නිමග්න විය, ඇගේ තනිය මක්න්නට සිටියේ අසලින් ගමන්ගත් වාහන ශබ්දයත්, සදලුතලයෙහි පසෙකින් බැසගිය රක්තදීප්ත හිරු කිරණත් පමණි. සියලු පැතුමන් එකින් එක සිඳීයද්දී ඈ කිසිවක් තේරුම්ගත නොහැකිව බලා උන්ණාය.
(සියල්ලටම පිළිතුර ඔහුයි! ඔහුගේ වචන ඇගේ දෙසවන තුළ දෝංකාර දෙන්නට විය. පුපුරායමට තරම් වේගයෙන් හඳවත ගැහෙන්නට විය!)

ඒ එයාමයි..! "ඒත් ඇයි ..?" ඇය උස් හඩින් මුමුණන්නට විය, අවසන් වරටත් ඔහුව සම්බන්ධ කරගැනීමට ඇය තීරණය කළාය.

[ඇය ඔහුට ඇමතුමක් ලබාගත්තාය.]
ගැහැණු ළමයා: හායි ...
පිරිමි ළමයා: ඇයි ඔයා ආයෙමත් මට කතා කළේ?
ගැහැණු ළමයා: මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..
පිරිමි ළමයා: ඔව්. කියන්න.
ගැහැණු ළමයා: ඇත්තටම, ඔයා හොදින් නේද ඉන්නේ?

[ඇමතුම විසන්ධි විය..!
ඇය යළිත් කිහිපවරක්ම උත්සාහ කළාය. නමුත් එය අසාර්ථක විය. ඔහු සැබවින්ම ඇය කෙරෙහි සැලකිල්ලක් නොදක්වනවා විය යුතුය. ඇය එසේ සිතන්නට විය. ඔහු තවදුරත් මුලින් ඇය හා උන් මිතුරා නොවේ ... ඇගේ දෙනෙතින් කදුලු කැට ගලා එන්නට විය. කෙටි සටහනක් ලියා අවසන් කළ ඈ නිවසින් පිටවී ගියාය..

පැය 5 කට පමණ පසුව, පිරිමි ළමයාගේ දුරකතනය නාද විය. ඇයගේ මව හැඩූ කඳුලින් ඔහු ඇමතුවාය. ඔහු වහා සූදානම් වී රෝහල වෙත ගියේය. ඒ වනවිටත්, ඇය රෝහලේ ඇදක් මත වැතිර සිටියාය. ඇගේ මුළු සිරුරම රුධිරයෙන් රත්පැහැ ගැන්වී තිබුණි. ඒ ඇගේ මෝටර් රිය දරුණු ප්‍රපාතයකට පෙරළී යාමෙනි.  ඔහුගේ හඬ ඇසුනු සැනින් ඇගේ දෑස් විවර විය. ඔහු ඇගේ දෑත් තදින් අල්ලාගෙන ඉකිබිඳින්නට වූවේය..

පිරිමි ළමයා: "අනේ, මට සමාවෙන්න. මේ හැමදෙයක්ම වුනේ මගේ වැරැද්දෙන්!  ඒත්, ඔයාට සනීපවුණු ගමන්ම මේ හැමදෙයක්ම මං ඔයාට කියන්නම්."

ගැහැණු ළමයා: "මට ආයේ සනීපවෙන එකක් නැතිවෙයි."

පිරිමි ළමයා: "එපා ..! එහෙම කියන්න එපා. ඔයාට මොකුත්ම එන්නේ නෑ.."

ගැහැණු ළමයා: "දැන්වත් මට මෙන්න මේ දේ කියන්න. ඇයි ඔයාට මාව එපා වුණේ?

තමා දරුණු හෘද රෝගයකින් පෙළෙන බවත්, ඒ වඟ කියා ඇයව දුකට පත් කිරීමට අකැමැති වූ බවත් ඔහු කියා සිටියේය . සැබැවින්ම ඔහු ඒ වනවිටත් මාරාන්තික හෘද රෝගයකින් පෙළෙන්නට විය..!

පිරිමි ළමයා: "මම එහෙම කළේ ... ම ...ම .. ..මං  ඔයාට ආදරේ කරන හින්දා.."
ගැහැණු ළමයා: "මමත් ඔයාට ආදරෙයි.."

පසුව ඇගේ හදවත නැවතුණේය. ඇය සදහටම සමුගත්තාය ...! මිනිත්තු දහයක් ගතවන්නට ඇත.. පිරිමි ළමයාද හෘදයාබාධයකින් එතැන්හිම මිය ගියේය.

ඔහු සිතූ පරිඳි ඔහුට රහසේ ජීවත් වීමට නොහැකි විය. ඔහු නිසා ඇයද මියගියාය.

සටහන:
ඔබ යමෙකුට අවංකව ආදරය කරයි නම්, මොනම හේතුවක් නිසාවත් එය සඟවන්නට උත්සාහ කරන්න එපා. මොකද, ආදරය තමයි ජීවත් වීමට එකම හේතුව!. 

ඔබේ අදහස ලියාගෙන යන්න.
තවත් කෙනෙකුට කියැවීමට ශෙයා කරන්න.
මෙය ජනප්‍රිය විදේශීය ජන කතාවක් ඇසුරින් සිංහලට කළ පරිවර්තනයකි.
තවත් මෙවැනි කතා කියැවීමට මගේ ප්‍රොෆයිල් එක බලන්න.
සුභ දවසක්!



පුංචි කතාවක්..
පරිවර්තනයකි.
===============================
එක්තරා ගොවියෙකුට අතිශයින් රූමත් දියනියක් සිටියාය. කඩවසම් තරුණයෙක් ඇය කෙරෙහි පෙමින් වෙලී සිටියේය . දිනක් ඔහු මේ බව ගොවියාට කියන්නට ගියේය. ගොවියා ඔහු දෙස බලා, මෙසේ පැවසීය.."පුතා, මේ කුඹුරෙන් එලියට යන්න. මම ගොනුන් තුන්දෙනෙක්ව නිදහස් කරනවා. ඔබට උන් තුන්දෙනාගෙන් එකෙකුගේ හරි වලිගය අල්ලා ගැනීමට හැකි උනොත්  , මාගේ දියණිය විවාහ කර ගත හැකියි. "
තරුණයා පළමු ගොනා එනතුරු බලා සිටියේය. ශාලාවේ දොර විවෘත විය, ඒත් සමගම  ඔහු  එතෙක් දැක ඇති විශාලතම ගවයා ශාලාවෙන් පිටතට  දුව ආවේය.
එයින් බියට පත් ඔහු එම ගවයා අතහැර ඊලග ගවයා එනතෙක් බලාසිටියේය. නැවත දොරටුව විවෘත විය.
ඔහුට අදහාගත නොහැකිවිය. මේ ගවයා පෙරටත් වඩා විශාල මෙන්ම දරුණු එකෙකු විය. ඔහු තවත් බියට පත්විය, ගවයා නොපෙනී යනතෙක් බිම වැතිර සිටියේය. ඔහු ලද අවස්ථා තුනෙන් දෙකක්ම ගිලිහී ගියේය. මේ ඔහුගේ අවසාන අවස්ථාවයි. කෙසේ හෝ තුන්වන එනම් අවසාන ගවයාගේ වල්ගය අල්ලාගැනීමට ඔහු සිතුවේය.
ඔහු ගවයා එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. දොරටුව තෙවන වරටත් විවෘත විය. ඔහුට සිනහ පහළ  විය. මෙවර පැමිණියේ ඔහු මෙතෙක් දැක ඇති දුර්වලම ගවයායි. ඔහු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතුවේය. ගවයා ධාවනය වන්නට විය, ඔහු නිවැරදිව ඉලක්කය ස්ථානගත කළේය. නිවැරදි වේලාවට ක්‍රිරියාත්මක වූවේය. ඔහු ගවයාව අල්ලාගත්තේය ... එහෙත් ඒ ගවයාට වලිගයක් තිබුණේ නැත!

සටහන-
අපිට ජීවිතයේ බොහෝ අවස්ථාවන්ට මුහුණදීමට සිදුවේවි. සමහරෙක් පහසුවෙන්ම වාසි ලබාහන්නා අතර තවත් අයෙකුට එය  තරමක් අපහසු වේවි . නමුත් අපිට  එක් අවස්ථාවක් ලැබුණු පසු  (වඩා හොඳ යමක් බලාපොරොත්තුවෙන් සිටින විට), එම අවස්ථාව නැවත කිසිදාක ලගාකරගත  නොහැකි වීය හැකියි. ඉතින් හැම විටම මුල් අවස්ථාවම ඔයාගෙ කරගන්න උත්සාහ කරන්න.
සුපුන් ලක්ප්‍රිය..
සුභ දවසක්.

දිනක් මම සහ මාගේ පෙම්වතිය අතර ඇතිවූ සංවාදයක් මෙසේ ඉදිරිපත් කරමි. ඇය: "අද මං හුඟක් සතුටු වුණා. ඔයාට ගොඩක් ස්තූතියි." මම: &quo...